නොමිලේ · ආරම්භයට ගිණුමක් අවශ්‍ය නැත

ඔබේ මෙනුව, QR එකකින් — නොමිලේ

ඔබේ ආහාර ටයිප් කර, මෝස්තරයක් තෝරා, මේස සඳහා QR කේතයක් ලබාගන්න. ඕනෑම වේලාවක මිල වෙනස් කරන්න — QR කේතය නැවත මුද්‍රණය කිරීමට අවශ්‍ය නැත.

  1. 1ආහාර සහ මිල එකතු කරන්න
  2. 2මෝස්තරයක් තෝරන්න
  3. 3මේස සඳහා QR මුද්‍රණය කරන්න

ව්‍යාපාර මේක තෝරගන්නේ ඇයි

ආයේ print නොකර මිල මාරු කරන්න

බත් මිල ආයෙත් ගියාද? Online එක edit කළ ගමන් හැම මේසෙකම QR එකෙන් අලුත් menu එක. පෑනෙන් කපපු laminate menu කාලේ ඉවරයි.

ඉවර වුණු කෑම එක tap එකකින් වහන්න

රෑ 9ට කොත්තු ඉවරද? Item එක off කළාම අහන එක නවතිනවා. හෙට ආයේ on කරන්න. Menu එක හැමදාම ඇත්ත කියනවා.

Print කරන්න ලෑස්ති මේස කාඩ්

ඔබේ නමයි QR එකයි එක්ක A5 card එකක් download කරන්න — laminate කරන්නම ලෑස්තියි. photocopy කරපු code එකක් වගේ නෙවෙයි, මේසෙ තියද්දී ලස්සනයි.

විකුණන photos සහ කාණ්ඩ

දෙන විදියටම කෑම කාණ්ඩ කරලා, ලස්සන ඒවට photos දාන්න. නම් ලැයිස්තුවකට වඩා පේන menu එකක් වැඩිය විකුණනවා.

හැම phone එකකම, app එකක් නැතුව

Customer ලා සාමාන්‍ය camera එකෙන් scan කරනවා, menu එක browser එකේ open වෙනවා — slow connection එකකත් ඉක්මනයි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි.

මේක කාටද

ලංකාවේ ඕනෑම තැනක restaurant, cafe, bakery, hotel — දවස ගානේ specials මාරු කරන කොළඹ cafe එකක ඉඳන් photos එක්ක English menu එකක් ඕනේ foreign guests ලා එන ගාල්ලේ guesthouse එකක් වෙනකම්.

නිතර අහන ප්‍රශ්න

QR menu එක හදන්න ඇත්තටම නොමිලේද?

ඔව් — මුළු menu එකම හදලා QR එක ගන්න ගිණුමකුත් ඕනේ නෑ. දිගටම තියාගන්න නොමිලේ මාස 3කට පස්සේ මාසෙකට රු. 490 යි.

Customer ලා menu එක බලන්නේ කොහොමද?

මේසෙ QR එකට phone camera එක අල්ලපු ගමන් menu එක browser එකේ open වෙනවා. App එකක් නෑ, register වෙන්න දෙයක් නෑ.

මටම update කරන්න පුළුවන්ද?

පුළුවන් — ඕනෑම device එකකින් dashboard එකෙන්. මිල, අලුත් කෑම, ඉවර වුණු ඒවා — save කරපු තත්පරේම live.

සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම පුළුවන්ද?

පුළුවන් — කෑම නම් සහ විස්තර ඕනෑම භාෂාවකින් හරි දෙකෙන්ම හරි ලියන්න. ලියපු විදියටම හැම phone එකකම පේනවා.

මේස උඩ තියන්නේ මොනවද?

ඔබේ නමයි QR එකයි එක්ක laminate size A5 card එකක් Duqit හදලා දෙනවා. Stickers වලට QR එක විතරක් වෙනමත් ගන්න පුළුවන්.

ගෙවීම නැවැත්තුවොත් menu එකට මොකද වෙන්නේ?

පළ කරපු menu එක customer ලට දිගටම පේනවා — publish කරපු links කවදාවත් මැරෙන්නේ නෑ. අලුත් කරනකම් edit කරන්න විතරයි බැරි.

මේවත් එක්ක හොඳට ගැලපෙනවා