WhatsApp හරහා නිසි ලෙස විකුණන්න
එක සබැඳියක ඡායාරූප, මිල සහ සැබෑ කරත්තයක්. ගනුදෙනුකරු Order එබූ විගස මුළු ඇණවුමම ඔබේ WhatsApp එකට එයි.
- 1 ඡායාරූප සහ මිල සමඟ ඔබේ භාණ්ඩ එකතු කරන්න
- 2 සබැඳිය බෙදාගන්න හෝ QR එක මුද්‍රණය කරන්න
- 3 ඇණවුම් WhatsApp එකට සහ ඔබේ dashboard එකට එයි
LKR 690/මසකට · පළමු මාස 3 නොමිලේ
ව්‍යාපාර මේක තෝරගන්නේ ඇයි
Chat scroll එකක් නෙවෙයි, ඇත්ත cart එකක්
Customer ලා photos යි මිලයි බලලා, cart එකක් හදලා, මුළු order එකම එක tap එකකින් එවනවා. රෑ 11ට "මේක තියෙනවද?" messages ඉවරයි.
Orders WhatsApp එකටයි dashboard එකටයි
හැම order එකක්ම item ටිකයි ගාණයි එක්ක ඔබේ WhatsApp එකට එනවා — dashboard එකෙත් සටහන් වෙනවා. Chat scroll වෙලා ගියත් මොකුත් නැති වෙන්නේ නෑ.
කොමිස් නෑ, payment gateway නෑ
Delivery app එකකට 20%ක් දෙන්නේ නෑ. Customer ලා දැනටත් ගෙවන විදියටම ගෙවනවා — cash, bank transfer. Duqit විකුණුමකින් සතයක්වත් ගන්නේ නෑ.
එක හවසකින් ලෑස්ති
Photos යි මිලයි එක්ක බඩු දාලා, link එක WhatsApp status එකේයි Facebook page එකේයි දාන්න — අද රෑම online විකුණනවා.
ලැජ්ජ නොවෙන stock පාලනය
ඉවර වුණු බඩු sold out කළාම customer ලට order කරන්න බෑ. රාක්කෙ නැති දේ කඩේ පොරොන්දු වෙන්නේ නෑ.
මේක කාටද
ගෙදර ඉඳන් bake කරන අය, ඇඳුම් විකුණන අය, කුළුබඩු–එළවළු විකුණන අය, phone accessories කඩ — WhatsApp status එකෙනුයි FB Live එකෙනුයි දැනටමත් විකුණන, orders chat පුරා විසිරෙනවා වෙනුවට පිළිවෙළට ගන්න ඕනේ ලංකාවේ හැම ව්‍යාපාරයක්ම.
නිතර අහන ප්‍රශ්න
Duqit එක්ක WhatsApp වලින් විකුණන්නේ කොහොමද?
Photos යි මිලයි එක්ක store එක හදලා link එක share කරන්න. Customer ලා බලලා cart එක පුරවලා එව්වම order එක ගාණත් එක්ක ඔබේ WhatsApp එකට එනවා — confirm කරලා deliver කරන්න.
කොමිස් ගන්නවද?
නෑ — කවදාවත්. යන්නේ නොමිලේ මාස 3කට පස්සේ මාසෙකට රු. 690 විතරයි. ලක්ෂයක් විකුණුවත් දහයක් විකුණුවත් ගාණ එකයි.
Customer ලා ගෙවන්නේ කොහොමද?
දැනටත් ගෙවන විදියටම — cash on delivery, bank transfer, කවුන්ටරේදී. Order එක WhatsApp එකෙන් confirm කරලා ගෙවීම එතනම කතා කරගන්න.
Customer ලට app එකක් ඕනේද?
නෑ. ඔබේ store එක link එකෙන් හරි QR එකෙන් හරි ඕනෑම phone browser එකක එකපාරටම open වෙනවා.
බඩු පිළිවෙළට තියන්න පුළුවන්ද?
පුළුවන් — කාණ්ඩ, photos, විස්තර, මිල, stock තත්ත්වය බඩුවක් පාසා. ලොකු shopping site එකක වගේම customer ලා කාණ්ඩ අනුව බලනවා.