සෑම මැහුම් ඇණවුමක්ම නියමිත වේලාවට, මුදල් ලැබී
මිනුම් එක් වරක් ලියන්න, අත්තිකාරම ගන්න, නියමිත දිනය සකසන්න. ගනුදෙනුකරුට ඇණවුම් තත්ත්වය සහ ශේෂය සහිත සබැඳියක්; ඔබට අද නියමිත දේවල් ලැයිස්තුවක්.
- 1 දුරකථන අංකයෙන් ගනුදෙනුකරු එක් කරන්න — ඊළඟ වතාවේ මිනුම් නැවත එයි
- 2 ඇඳුම තෝරා, අත්තිකාරම සහ නියමිත දිනය සටහන් කරන්න
- 3 ඇණවුම් සබැඳිය WhatsApp මගින් යවන්න; වැඩ කරන විට ඉදිරියට ගෙන යන්න
LKR 790/මසකට · පළමු මාස 3 නොමිලේ
ව්‍යාපාර මේක තෝරගන්නේ ඇයි
මිනුම් සදාකාලේටම මතකයි
Customer ගේ මිනුම් ඇඳුම ගානේ එකපාරක් දාන්න. ආයේ ආවම phone number එකෙන් ඔක්කොම එනවා — පිටු පෙරළන මිනුම් පොතක් නෑ.
හැම order එකකම advance, ශේෂය, දිනය
Order එක ගනිද්දී advance එක සටහන් කරන්න. ශේෂයයි, දෙන දිනයයි, පස්සේ ගෙවන හැම ගාණකුයි order එකේම — සල්ලි කතාව ආයේ අපහසු නෑ.
Customer ම order එක බලාගන්නවා
හැම order එකකටම WhatsApp එකෙන් යවන්න පුළුවන් link එකක් — කපනවද මහනවද ready ද කියලයි, ශේෂයයි පේනවා. "ඉවරද?" calls නවතිනවා.
සතිය lකරවන due-date ලැයිස්තුව
App එක open කළාම අද දෙන්න ඕනේ ඒවා, පරක්කු වුණු ඒවා, ඉවර වෙලා ගන්න නාපු ඒවා පේනවා — එකින් එකට එක-tap WhatsApp මතක් කිරීමක් එක්ක.
Ready-made විකුණුමත් එකම කවුන්ටරේ
මහන වැඩත් එක්කම එකම order එකේ රාක්කෙ ඇඳුමකුත් විකුණන්න. එක bill එකක්, එක record එකක් — මොකද ගොඩක් කඩවල තියෙන්නේ එක කවුන්ටරයයි.
මේක කාටද
ලංකාව පුරා මහන කඩ, ladies dressmakers ලා, saree jacket specialists ලා, මසන ඇඳුම් කඩ. මිනුම් පොත ගැලවිලා යනවා නම්, "ඇඳුම ඉවරද?" කියලා දවස ගානේ calls එනවා නම් — මේකෙන් දෙකම විසඳෙනවා.
නිතර අහන ප්‍රශ්න
Customer මිනුම් save කරන්න පුළුවන්ද?
පුළුවන් — ඒක තමයි මේකේ හදවත. මිනුම් customer ගානේ, ඇඳුම ගානේ (shirt, කලිසම, saree jacket, තවත්) save වෙලා, ඊළඟ order එකේදී තනියම එනවා.
Advance එක වැඩ කරන්නේ කොහොමද?
Order එක ගනිද්දී advance එක සටහන් කරන්න; ශේෂයයි පස්සේ ගෙවීම් ඔක්කොමයි app එක බලාගන්නවා. Customer ට එයාගේ link එකේ ගෙවපු–ගෙවන්න තියෙන ගාණන් පේනවා.
Customer ට පේන්නේ මොනවද?
Order එකේ ප්‍රගතිය — ලැබුණා, කපනවා, මහනවා, fitting, ready — දෙන දිනය, ගාණන්, ඔබට message කරන්න පුළුවන් box එකක් — ඔක්කොම private link එකක.
School uniform, saree jacket වලටත් පුළුවන්ද?
පුළුවන් — shirt, කලිසම්, saree jacket/blouse, ගවුම්, සාය, suit jacket, kurta, school uniform වලට මිනුම් templates ඇතුළෙම තියෙනවා. ඕනේ නම් අලුත් fields දාන්නත් පුළුවන්.
Customer ලට order එක ගැන message කරන්න පුළුවන්ද?
පුළුවන් — හැම order පිටුවකම message thread එකක් තියෙනවා. එයාලගේ ප්‍රශ්න ඔබේ dashboard එකට, ඔබේ උත්තර එයාලගේ පිටුවට.
ගාණ කීයද?
නොමිලේ මාස 3කට පස්සේ මාසෙකට රු. 790 යි — orders, මිනුම්, ගෙවීම්, messages ඔක්කොම ඇතුළේ. ඔබ ළඟ දැන් තියෙන phone එකේම.